චීනයේ යුනාන් උක් පර්යේෂණ ආයතනයෙන් තෙදින නිරීක්ෂණ චාරිකාවක්…
උක් පර්යේෂණ සහ සංවර්ධනය සදහා චීනයේ යුනාන් උක් පර්යේෂණ ආයතනයේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ මූලික අරමුණින්, චීනයේ යුනාන් උක් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ Guo Jiawen මහතා, එම ආයතනයේ අන්තර්ජාතික සම්බන්ධතා ඒකකයේ අංශ ප්‍රධානී ආචාර්ය Zhao Peifang ඇතුලු විද්‍යාඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකා උඩවලව උක් පර්යේෂණ ආයතනයේ තෙදින නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර, එහිදී ආයතනයේ වර්තමානයේ සිදුකරනු ලබන පර්යේෂණ කටයුතු මෙන්ම ඉදිරි සහයෝගීතා වැඩසටහන් පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.
විද්‍යාඥ කණ්ඩායම දෙණියාය එන්සල්වත්ත ප්‍රදේශයේ පිහිටි අපගේ අභිජනන මධ්‍යස්ථානයේ මෙන්ම සෙවනගල ප්‍රදේශයේ වගා කටයුතු සහ උක් ඇඹරීමේ කටයුතු පිළිබඳවද නිරීක්ෂණයට එක් විය.
සෙවනගල ප්‍රදේශයේ නිරීක්ෂණ වැඩසටහනට ලංකා සීනි සමාගම සෙවනගල ඒකකය මගින් විශාල සහයෝගයක් ලබාදෙන ලදී.