උක් හකුරු හා පැණි නිෂ්පාදනය පිළිබඳ වැඩසටහන් රැසක්…
![](https://sugarres.lk/wp-content/uploads/2025/01/475595496_930089129314775_7690681025406713366_n.jpg)
උක් හකුරු හා පැණි නිෂ්පාදනය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන් කිහිපයක් ජනවාරි මාසය තුළ දී උක් පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණි.
පළමුවැන්න 2025 ජනවාරි 08 දින ලංකා සීනි සමාගමේ සෙවනගල ඒකකයේ නිලධාරීන් පිරිසක් වෙනුවෙන් ද, ජාඇල ප්‍රදේශයේ ව්‍යවසායකයින් කණ්ඩායමක් වෙනුවෙන් 2025 ජනවාරි 09 දින දෙවැන්න ද ගාල්ල නාගොඩ ප්‍රදේශයේ ගොවීන් කණ්ඩායමක් වෙනුවෙන් 2025 ජනවාරි 21 දින තෙවැනි වැඩසටහන ද පැවැත්විය
මෙහිදී පිරිසිදු උක් හා පැණි නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දීමට කටයුතු කළ අතර, උක් පර්යේෂණ ආයතනයේ සැකසුම් තාක්ෂණ අංශයේ නිලධාරීන් විසින් මෙම වැඩසටහන් මෙහෙයවනු ලැබීය. තාක්ෂණ හුවමාරු හා සංවර්ධන අංශය මගින් මෙම වැඩසටහන් සංවිධානය කරන ලදී.