බුත්තල, හප්පෝරුව ප්‍රදේශයේ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ගුණාත්මයෙන් ඉහළ උක් අස්වැන්නක් සීනි කර්මාන්තශාලාව වෙත ලබා දීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමක් හා පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ වැඩසටහනක් 2024.07.25 දින පැවැත්විණි. මේ සඳහා බුත්තල, හප්පෝරුව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සහභාගී විය.
උක් අස්වැන්නේ ගුණාත්මය සීනි නිෂ්පාදනයට කෙසේ බලපාන්නේද යන්න දැනුවත් කිරීමට ඔවුන් පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ සීනි නිෂ්පාදනය නැරඹීමට ද අවස්ථාව සලසා දෙන ලදී.
බුත්තල ගොවිජන සේවා මාධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් වන ගුණදාස මහතා හා චන්ද්‍රා මහත්මිය මෙම වැඩසටහන සංවිධානය කළ අතර, උක් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරු හා සංවර්ධන අංශයේ නිලධාරීන් විසින් මෙහෙයවන ලදී.
කර්මාන්තශාලාව නැරඹීම හා ඒ ආශ්‍රිත දැනුවත් කිරීම් පැල්වත්ත ශෂ්‍ය විද්‍යා අංශය, රසායනාගාර අංශය හා කර්මාන්තශාලා නිලධාරීන් විසින් සිදු කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *