උක් වගාව ආශ්‍රිත දැනුම යාවත්කාලීන කිරීමේ වැඩසටහනක්…

ඇතිමලේ වැවිලි පුද්ගලික සමාගමේ, වගා අංශයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි 09 දින උක් පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණි.

මේ සඳහා එම ආයතනයේ මෑතක දී සේවයට එක්වූ නවක නිලධාරීන් වැඩි පිරිසක් සහභාගී විය. උක් වගාවේ බිම් සැකසීම, නව උක් ප්‍රභේද නිපදවීම, තවාන් පාලනය, රෝග හා පළිබෝධ පාලනය, මෙන්ම ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමේ නිවැරදි ක්‍රමවේද ඇතුළත් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීමට පියවර ගැනිණ.

පර්යේෂණ ආයතනයේ සියලු පර්යේෂණ අංශවල සහයෝගය ඇතිව, තාක්ෂණ හුවමාරු හා සංවර්ධන අංශය විසින් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට කටයුතු කළ අතර, ඇතිමලේ වැවිලි සමාගමේ කළමණාකාරීත්වය හා සියඹලාණ්ඩුව උක් සංවර්ධන නිලධාරී කාර්යාලය එක්ව මෙය සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

ෆේස්බුක් වෙත ගොස් මෙහි තව චායාරූප නරඹන්න…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *