ඩ්‍රෝන (UAV) තාක්ෂණයේ භාව්තයන් පිළිබඳ දෙදින අධ්‍යාපනික වැඩමුළුවක්

උක් වගා පර්යේෂණයන්ට හා උක් වගා කර්මාන්තයට ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ වැඩමුළුවක් අගෝස්තු 06 හා 07 දෙදින උක් පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණි.

මෙම වැඩමුළුවේ අරමුණු වූයේ උක් පර්යේෂණ ආයතනයේ කාර්යමණ්ඩලයට මෙන්ම සීනි කර්මාන්තායතනයන්හි නිලධාරීන් වෙනුවෙන් ඩ්‍රෝන තාක්‍ෂණය සහ එහි යෙදීම් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීමයි. විශේෂයෙන් උක් වගාවේ කෘෂි විද්‍යාත්මක ලක්ෂණ පුරෝකථනය කිරීම සඳහා බහු වර්ණාවලි රූප විශ්ලේෂණය කිරීම පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දීමට පියවර ගැනිණි.

මෙම වැඩමුළුව මගින්,

• ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වාදීම.

• කෘෂිකර්මාන්තයේ ඩ්‍රෝන තාක්ෂණයේ යෙදීම්

• ඩ්‍රෝනවල මූලික මෙහෙයුම් ශිල්පීය ක්‍රම

• ඩ්‍රෝන පියාසර කිරීම පිළිබඳ අත්දැකීම්

• අර්ථවත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මූලික රූප සැකසුම් ශිල්පීය ක්‍රම

• උක් පර්යේෂණ සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳව සෛද්ධාන්තික හා ප්‍රායෝගික දැනුම ලබා දෙන ලදී.

වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ පීඨයේ, උද්‍යාන විද්‍යාව හා භූමි අලංකරණ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුරන්ත සල්ගාදු විසිනි. වැඩමුළුව සංවිධානය උක් පර්යේෂණ ආයතනයේ බෝග පෝෂණ අංශය මගින් සිදු කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *