දැනට දිවයිනේ පවතින නියඟය හේතු කොට ගෙන ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අතිශයින් අඩු වී ඇති බැවින් උක් වගා බිම්වල සහ උක් කර්මාන්ත සඳහා භාවිත කරන වාරි ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුව ඇත. මේ සඳහා සෙවනගල සහ ගල්ඔය උක් ගොවීන්ගේ සහ ඒ ඒ ක්ෂේත්‍ර භාර නිලධාරීන්ගේ සහයෝගය ජාතික වශයෙන් මේ මොහොතේ ඉතා වැදගත් අතර පහත කරුණු කෙරෙහි මෙහිදී ඔබගේ දැඩි අවධානය යොමු කරන ලෙස අවධාරණය කෙරේ.

  • උක් ඉඩම්වලට ජලය යෙදීමේදී  අපතේ යන ජල ප්‍රමාණය අවම කිරීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට වැඩි අවධානයක් යොමු කිරීම.
  • බෙදුම් ඇළ සහ ක්ෂේත්‍ර ඇළවල ජලය කාන්දු වන ස්ථාන හඳුනාගෙන ඒවාට හැකිතාක් තාවකාලික පිළියම් හෝ කිරීම.
  • බෙදුම් ඇළ කෙළවර පිහිටි ඉඩම් වලට ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති නම්, පේළියක් හැර  පේළියක් වනසේ වාරි ජලය සැපයිය හැකිය. මෙමඟින් ඉඩමේ ජලසම්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *