කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි මස තුන සඳහා නිකුත් කොට ඇති අනාවැකිය අනුව, දැනට උක් වගා කෙරෙන ප්‍රධාන දිස්ත්රික්ක දෙක වන මොනරාගල සහ අම්පාර දිස්ත්රික්කවල 2023 සැප්තැම්බර් මාසයේදී  සාමාන් වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. එය පිළිවෙළින් 82.3 mm සහ 77.2 mm වේ. කෙසේ වෙතත්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී මෙම දිස්ත්රික්ක දෙක සඳහාම සාමාන්යයට වඩා ඉහළ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

මේ අනුව, 2023 මහ කන්නය සඳහා ඉඩම් සකස් කිරීමේදී හැකිතාක් පාංශු සංරක්ෂණ ක්රම අනුගමනය කිරීමටත්, විශේෂයෙන් සෙවනගල, පැල්වත්ත, සහ ඇතිමලේ යන ප්රදේශවල ඉඩම් සකස් කිරීම සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමටත් අවධානය යොමුකරන ලෙස මෙයින් දැනුවත් කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *